දහදිය
mahesh j@n@k@ - weligama
Wednesday, May 28, 2014
Monday, May 26, 2014
තරු ප්‍රාර්ථනාව
කඩාවැටෙන තරුවක් දැක
කලෙමි ප්‍රාර්ථනාවක්
දිදුලන්න මේ..තරුව අද රෑ පුරා..
කියා..
නිමේෂයෙන්,
ඒ..ප්‍රර්ථනාවද නිවී ගියේ,
කඩා වැටෙන තරු ප්‍රර්ථනා,
බොරු බව පසක් කරමින්ය.
-j@n@k@-
සමහර උන්
සමහර උන් ඉන්නවා,
අපි උදවු කලොත් උනුත් අපිට උදවු කරනවා,
සමහර උන් ඉන්නවා,
අපේ උදවු බලාපොරොත්තු නොවී අපිට උදවු කරනවා
සමහර වුන් ඉන්නවා,
අපි වුදවූ කලත්,
අපිට උදවු නොකරන
-j@n@k@-
දුම්වැටිය
සල්ලි වියදන් කරගෙන,
දහදිය දාගෙන,
හරි ලොකු වැඩක් කරගෙන,
වගේ.,
උරනවා..,
කොටකරගන්න ජිවිත කාලය.
-j@n@k@-
හැමදේකම වටිනාකම තියෙන්නේ,
ඒ..දේ ලබා ගන්න කලිනුයි,
ඒ..දේ අපිට අහිමි උනාට පසුවයි.
ඒ..දේ ලබාගන්න කලින් ඇති වෙන්නේ,
ඒ..දේ ගැන ආශාවක් පමණයි.
ඒ..දේ නියම වටිනාකම දැනෙන්නේ,
ඒ..දේ අපිට අහිමි උනාට පසුවයි.
-j@n@k@-
වෙනස
මහා ලොකුවට වෙනසක් කරන්න ගිහින්,
තව පොඩ්ඩෙන් තිබ්බ විදියත් නැති වෙනවා,
හැබැයි,
අවුලක් නෑ..
එකෙත් පොඩි වෙනසක් තියෙනවා.
-j@n@k@-
Subscribe to:
Comments (Atom)